අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ අවසන් සතිය යටතේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී අද (20) පස්වරුවේ පැවැති තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 22-21 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට සාන්ත තෝමස් විදුහල ලකුණු 17-11 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු එකතු කර ගත්තේය. කිංග්ස්වුඞ් විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.