Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් විදුහල එක්දින තරගය ජයගනී

ශාන්ත ජෝෂප් විදුහල එක්දින තරගය ජයගනී

editorial - 2023 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රධාන ආරාධිතයා වූ අසේල පතිරණ මහතා සහ විශේෂ ආරාධිතයා වූ ටි්‍රනේෂ් ප්‍රනාන්දු මහතා (ඩයලොග් ආසියාටා සමාගාමේ උප සභාපති - උපදේෂක මණ්ඩලය, නීති සහ නියාමන මණ්ඩලය) විසින් පීටර් පිල්ලේ පියනම අනුස්මරණ පලිහ ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායක සදීෂ් ජයවර්ධනට පිරිනමන ලද අවස්ථාව.


(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන ‘ශාන්තුවරුන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 49 වැනි වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් විදුහල ඕවර 40.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියේය. පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළ ආරම්භක පිතිකරු හිරුන් මතීෂ සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහලට ඕවර 40.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 158 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු නේතන් ඩේවිඩ් පන්දු 79 කින් ලකුණු 53 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
 
ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ශාන්ත ජෝෂප් විදුහලේ අවන්ත ද අල්විස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර යෙනුල දෙව්තුස, ෂෙවෝන් ඩැනියෙල් සහ ළහිරු අමරසේකර එහිදී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 40.2 කදී කඩුලු 5 ක් දැවී 158
(හිරුන් මතීෂ 50, හිරාන් ජයසුන්දර 30, සදීෂ් ජයවර්ධන 27, විෂේන් හැළඹගේ 25/2)
 
ශාන්ත පීතර විදුහල - ඕවර 41.4 කදී සියලු දෙනා දැවී 156
(නේතන් ඩේවිඩ් 53, රූසඳ ගමගේ 32, අවින්ත ද අල්විස් 27/3, යෙනුල දෙව්තුස 18/2, ෂෙවෝන් ඩැනියෙල් 33/2, ළහිරු අමරසේකර 37/2)


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල එක්දින තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.