Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝෂප් - මහාමායා ශූරතා දිනති

ශා. ජෝෂප් - මහාමායා ශූරතා දිනති

Dilrukshi - 2015 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ බාලක අංශයේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහලත්, බාලිකා අංශයේ සමස්ත ශූරතාව දිනාගැනීමට මහනුවර මහාමායා විදුහලත් සමත් විය.

ප‍්‍රසාද ලකුණු 584.5 ක් ලබාගනිමින් ශාන්ත ජෝශප් විදුහල පිට පිටම 12 වැනි වරටත් බාලක ශූරතාවට හිමිකම් කී අතර මහාමායා විදුහල පිට පිටම 17 වැනි වරටත් බාලිකා ශූරතාවට හිමිකම් කීවේ ප‍්‍රසාද ලකුණු 617 ක් ලබාගනිමිනි.

බාලක අංශයේ අනු ශූරතාව ප‍්‍රසාද ලකුණු 438 ක් ලබාගත් කොළඹ රාජකීය විදුහලට හිමි වූ අතර බාලිකා අංශයේ අනු ශූරතාව ප‍්‍රසාද ලකුණු 372 ක් ලබාගත් කොළඹ විශාකා විදුහලට හිමිවිය.

ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස නෙස්ලේ ලංකා සමාගම කටයුතු කළේය.

කොළඹ ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම මිලාන් බර්නාඞ් පියතුමන් සමග...

 

මහනුවර මහාමායා විදුහල කණ්ඩායම විදුහල්පතිනි ඉන්ද්‍රානි විතානච්චි මහත්මිය සමග...

 

ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායමේ නායකයා සහ පියතුමන් නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතා අතින් ශූරතා කුසලාන ලබාගත් අයුරු...

 

මහාමායා විදුහල් කණ්ඩායමේ නායිකාව සහ විදුහල්පතිතුමිය නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතා අතින් ශූරතා කුසලාන ලබාගත් අයුරු...

ඡායාරූප - ඉෂංක සුනිමල්

 


අදහස් (0)

ශා. ජෝෂප් - මහාමායා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.