Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තවත් ඈතට

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තවත් ඈතට

editorial - 2019 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලට යම් තරමක හෝ බලාපොරොත්තුවක් තිබුණේ නම් දකුණු අප්‍රිකානුවන් හමුවේ අද මුහුණ දුන් පරාජය හේතුවෙන් එය තවත් ඈතට ගසාගෙන ගියේය.

අද තරගය ජයගත්තේ නම් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය ගැනීමට තිබූ ශ්‍රී ලංකා පිල මේ වන විට 7 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් ඉතිරිව තිබෙන එකම අවස්ථාව වන්නේ මීළඟ තරග දෙකම විශාල පරතරයකින් ජයගනිමින්, ලකුණු වේගය මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමයි.

මෙය කිසිසේත්ම පහසු අභියෝගයක් නොවේ. ශ්‍රී ලංකා පිලේ මීළඟ තරග දෙක වන්නේ කොදෙව් පිලට සහ ඉන්දියාවට එරෙහි තරග දෙකයි. එහෙත් ශ්‍රී ලංකා පිලඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මෙම තරග දෙක ජයගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා එංගලන්ත කණ්ඩායම ඉතිරි තරග දෙකම පරාජය විය යුතුවද තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තවත් ඈතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.