Last Update  :  2025-12-05 13:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යා විද්‍යාලය ශා. පීතර පරදවයි

විද්‍යා විද්‍යාලය ශා. පීතර පරදවයි

ශනුක අරවින්ද - 2015 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ අවසන් සතිය යටතේ බම්බලපිටියේදී අද (20) පස්වරුවේ පැවැති තරගයේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ ලකුණු 34-3 කින් ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ.

තරගය ආරම්භයේ සිටම විද්‍යා විද්‍යාලය ආක‍්‍රමණශීලි ක‍්‍රීඩා විලාශයක් ප‍්‍රදර්ශනය කළ අතර ඒ අනුව විද්‍යා විද්‍යාලය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-3 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ජයග‍්‍රාහි විද්‍යා විද්‍යාලය ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. ශාන්ත පීතර විදුහලට දඩුවම් පහරක් පමණක් සාර්ථක කිරීමේ අවස්ථාව ලැබුණි.

-048   

 


අදහස් (0)

විද්‍යා විද්‍යාලය ශා. පීතර පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.