Last Update  :  2026-01-14 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කනිෂ්ඨ වූෂූ තරගාවලියේ තේරීම් තරග 19 දා සිට වතුපිටිවලදී

ලෝක කනිෂ්ඨ වූෂූ තරගාවලියේ තේරීම් තරග 19 දා සිට වතුපිටිවලදී

editorial - 2026 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

චීනයේ පැවැත්වීමට නියමිත 10 වන ලෝක කනිෂ්ඨ වූෂූ තරගාවලිය සදහා සහභාගී වීමට සුදුසු ශ්‍රී ලාංකික වූෂූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ  ‘තේරීම් තරගාවලිය‘  ජනවාරි මස 19 සහ 20 දින වල වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති විජිත් එදිරිසිංහ මහතා පැවසීය .

මෙම ලෝක කනිෂ්ඨ වූෂූ තරගාවලිය, චීනයේ ටියෑං ජිං නුවර දී 2026 මාර්තු මස 23 දින සිට 31 දින දක්වා පැවැත්වීමට නියමිතය .

මෙම තේරීම් තරගාවලිය සදහා තාඕලු සහ සන්දා ඉසව් සදහා තේරීම් තරග පැවැත් වේ. ඒ සදහා ලියාපදිංචි වීම මේ මස 17 වැනි සෙනසුරාදා කොළඹ ටොරින්ටන් චතුරශ්‍රෙය් පිහිටි වූෂූ කාර්යාලයේදී සිදු කෙරේ. ඒ සදහා සහභාගීවන්නන් රජයේ පිළිගත් වෛද්‍යවරයෙකුගේ සහතිකයක් සමග තම පුහුණුකරු හෝ කළමනාකරු සමග පැමිණිය යුතු බව ද විජිත් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවසීය .


අදහස් (0)

ලෝක කනිෂ්ඨ වූෂූ තරගාවලියේ තේරීම් තරග 19 දා සිට වතුපිටිවලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.