Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලසන්ති ගුණතිලකට ලක්‍ෂ 6 ක පාපැදියක්

ලසන්ති ගුණතිලකට ලක්‍ෂ 6 ක පාපැදියක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මහ ක‍්‍රීඩා උළෙලේට අනුබද්ධව බුලත්සිංහලදී පැවති කාන්තා පාපැදි තරගයේදී අනතුරට ලක්වී තුවාල ලැබූ ප‍්‍රවීණ පාපැදි ක‍්‍රීඩිකා ලසන්ති ගුණතිලකට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා නවීනතම රේසින් වර්ගයේ පා පැදියක් පිරිනමන ලදි. මෙම පාපැදිය ඊයේ (29 වැනිදා) ඇයට පිරිනැමිණ.  


ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර සිටියේ පදක්කම් ලාභී පාපැදි ශූරියක් වන ලසන්ති ගුණතිලකට මෙම නවීන රේසින් පාපැදිය භාවිතා කර රට වෙනුවෙන් අනාගතයේ තව තවත් පදක්කම් දිනාගැනීමට කටයුතු කරන ලෙයසි.


මෙම අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍ය ඞී.එම්.ආර්.බී. දිසානායක මහතා, ක‍්‍රීඩා අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සම්පත් දිසානායක මහතා, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.ඊ.ආර්.ටීඑම්.එස්.පී.බණ්ඩාර මහතා, ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඞී.එස්.රුවන් චන්ද්‍ර මහතා යන මහත්වරුන් ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීහු පිරිසක් සහභාගී වූහ.

 


අදහස් (0)

ලසන්ති ගුණතිලකට ලක්‍ෂ 6 ක පාපැදියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.