Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ බැංකු ගිණුම අත්හිටුවීමෙන් එම සංගමයෙන් මුදල් ලැබිය යුතු විනිසුරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයත් සමඟ විනිසුරුවරුන්ගේ ගෙවීම්, රග්බි සංගම් මූලස්ථානයේ සේවකයන්ගේ වැටුප්, විදේශ ගෙවීම් සහ රග්බි මූලස්ථානය පිහිටි බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට ගෙවීම් ඇතුළු ලක්‍ෂ 20 කට අධික ගෙවීම් කරගත නොහැකි වීමේ අවදානමකට ලක්වී ඇති බව වාර්තා වේ.
රුපියල් ලක්‍ෂ 160 කට අධික මුදල් තැන්පතුවක් ඇති ශ්‍රී ලංකා රග්බි සංගමයේ ගිණුම රාජ්‍ය වාණිජ බැංකුවක පවත්වාගෙන යන අතර රග්බි පරිපාලනයේ මේ වන විට පවතින ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් එම බැංකුව මුදල් ගෙවීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
රග්බි සංගමයේ ගෙවීම්වලට එහි නිසිබලධාරී ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ රුවන්චන්ද්‍ර මහතා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ප‍්‍රධාන විධායක නිලධාරී ටී. අපෝන්සු යන මහත්වරු අත්සන් කරන බව වාර්තා වේ.
රග්බි සංගමයේ ව්‍යවස්ථාවට අනුව එහි චෙත්පත්වලට අත්සන් තැබිය හැක්කේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන සිවුදෙනාට පමණි. රග්බි සංගමයේ පැවැති නිලධාරී මණ්ඩලය මේ දක්වා විසුරුවා හැර නොමැති වාතාවරණයක් තුළ එහි ව්‍යවස්ථාවට පටහැනිව වෙනත් පුද්ගලයන්ගේ අත්සනට මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයකට අදාළ බැංකුව පත්ව ඇතැයි දැනගන්නට තිබේ.
රග්බි සංගමයේ නිලවරණය පසුගිය මස පැවැත්වීමට නියමිතව තිබුණ ද ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් එය අත්හිටුවන ලදී. ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ මස අවසානයේ නිලවරණය පැවැත්වීමට කැදවා ඇති අතර නමුත් එයට යොමු කළ විරෝධයක් සළකා බලමින් අධිකරණය වාරණයක් පනවා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.