Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේස පන්දු දස්කම් ඇගයේ

මේස පන්දු දස්කම් ඇගයේ

Dilrukshi - 2015 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගි වී පදක්කම් දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ඉකුත්දා සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් පදක්කම්ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ ප‍්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර සහ මේසපන්දු සංගමයේ සභාපති රජීව් විජේතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.

ඇගයීමට ලක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ

18 න් පහළ කණිෂ්ඨ (බාලක)

ඉමේෂ් උදය රණසිංහ - මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
දිනේෂ් කවිෂ්ක - මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
ප‍්‍රසාද් ද සිල්වා - මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න - මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය

18 න් පහළ කණිෂ්ඨ (බාලිකා)

රුවිනි කන්නන්ගර - කොළඹ මියුසියස් විද්‍යාලය
මුතුමාලි ප‍්‍රියදර්ශනි -  අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය
රිද්මි කදනාරච්චි - මහනුවර මහාමායා විද්‍යාලය
චමත්සරා ප‍්‍රනාන්දු - කොළඹ විශාකා විද්‍යාලය

15 න් පහළ ආධුනික (බාලක)

නිමේෂ් රත්නාගොඩ - කොළඹ රාජකීය විද්‍යාලය
විරුණක හෙන්දහේවා - කොළඹ රාජකීය විද්‍යාලය
නිෂාන්ත තෙන්නකෝන් - මහනුවර ධර්මාශෝක විද්‍යාලය 

15 න් පහළ ආධුනික (බාලක)

හංසනී පියුමිලා - කොළඹ විශාකා විද්‍යාලය
ඉමේෂා ද සිල්වා - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
තනුෂි ප‍්‍රතිභූ - මහනුවර මහාමයා විද්‍යාලය

පදක්කම් දිනා ඇගයීමට ලක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

-036

 


අදහස් (0)

මේස පන්දු දස්කම් ඇගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.