Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුබාරක් ටෙස්ට් සංචිතයට එයි

මුබාරක් ටෙස්ට් සංචිතයට එයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක පාකිස්තානු පිලට එරෙහිව මේ මස 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වසර 8 කට පසුව වමත් පිතිකරු ජෙහාන් මුබාරක් කැදවා තිබේ.

34 හැවිරිදි මුබාරක් ටෙස්ට් තරග 10 කදී ලකුණු 254 ක් පමණක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 15.87 කි.

ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා සහ යොවුන් වේග පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවා සිටිති.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රධානම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් 16 වැනි ක‍්‍රීඩකයා ලෙස නම් කර ඇති අතර ශාරීරික යෝග්‍යතාව මත ඔහුගේ සහභාගිත්වය තීරණය වේ.  


ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ජෙහාන් මුබාරක්, කුසල් පෙරේරා, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්, නුවන් ප‍්‍රදීප්, ධම්මික ප‍්‍රසාද්, දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් (ශාරීරික යොග්‍යතාව මත)


අදහස් (1)

මුබාරක් ටෙස්ට් සංචිතයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.