Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර මාතලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත තෝමස් විදුහලේ නිමේෂ් ජයමහ පන්දු 89 කදී ශතකයක් ලබාගත්තේ (ලකුණු 101) හතරේ පහර 16 ක් ද සමගිනි.
එම විදුහලේම පණ්ඩුල උඩුපිල්ල පළමු ඉනිමේදී ලකුණු 73 ක් රැුස්කළ අතර ඉනිම් දෙකේදීම ලකුණු 36 කට 6 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලූ 9 ක් දැවී 255
(නිමේෂ් ජයමහ 101, පණ්ඩුල උඩුපිල්ල 73, සජිත් ද සිල්වා 36, ශෂික සඳරුවන් 43/4, අශාන් ජයසිංහ 8/2, සම්පත් විජේසූරිය 97/2)
සිරි පියරතන විදුහල පළමු ඉනිම - ඕවර 42 කදී සියලූ දෙනා දැවී 136
(ප‍්‍රභාත් මධුරංග 57, සම්පත් විජේසූරිය 19, ප‍්‍රභාෂ් නිරෝෂන් 14/3, පණ්ඩුල උඩුපිල්ල 25/2)
සිරි පියරතන විදුහල දෙවැනි ඉනිම - ඕවර 36 කදී සියලූ දෙනා දැවී 142
(මධුෂංක නිමේෂ් 43, ප‍්‍රභාත් මධුරංග 19, සම්පත් විජේසූරිය 18, පණ්ඩුල උඩුපිල්ල 11/4, තාරක දේවපි‍්‍රය 37/3)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී 25
(නිමේෂ් ජයමහ නොදැවී 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.