බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) සම්මාන ප‍්‍රදානෝත්සවය ලබන සිකුරාදා (24 වැනිදා) පස්වරු 5.00 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මෙම උත්සව අවස්ථාවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දුයන්නෙකු මෙන්ම ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවකු ලෙසද කටයුතු කළ චමින්ද වාස් මහතා සහභාගීවීමට නියමිතය.
උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් ශී‍්‍ර ලංකා පිලේ හිටපු කඩුලූ රකින්නකු මෙන්ම වත්මන් තේරීම් කමිටු සාමාජික බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාත්, ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාත් සහභාගි වෙති.
ඔහුට අමතරව බාටා සමාගම, විජය පුවත්පත් සමාගම, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය, දෙමාපියන් සහ පුහුණුකරුවන් නියෝජනය කරමින් ආරාධියන් රැසක් මෙම අවස්ථාවට එක් වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.