Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බිනුර ප්‍රනාන්දුගේ (112) සහ විනුජ රංපුල්ගේ (110) ශතක හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී හලාවත ශාන්ත මේරි විදුහලට එරෙහිව ලකුණු 132 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල ඊයේ (6 වැනිදා) සමත්විය. මෙම තරගය හරිස්චන්ද්‍ර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වේල්ස් කුමර විදුහලේ ලක්ෂාන් පෙරේරා කඩුලු 4 ක් සහ යසිරු රත්නායක කඩුලු 3 ක් දවාගනිමින් ශාන්ත මේරි විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
වේල්ස් කුමර විදුහල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 293
(බිනුර ප්‍රනාන්දු 112, විනුජ රංපුල් 110, උපේක ප්‍රනාන්දු 23, චන්න මලිත් 54/2)
ශා. මේරි විදුහල - ඕවර 49 කදී සියලුදෙනා දැවී 161
(චන්න මලිත් 44, එඩෙයි මල්ශාන් 27, චාරූක තරිඳු 20, ලක්ෂාන් පෙරේරා 12/4, යසිරු රත්නායක 20/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.