නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහලේ ශත සංවත්සරය නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ සමස්ථ ලංකා කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට ප‍්‍රසාද් ද සිල්වා සහ බිමන්දී බණ්ඩාර සමත් වූහ. මෙම තරගාවලිය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙසින් සැලකිණ.
වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස වත්මන් ජාතික මේසපන්දු ශූර උදය රණසිංහ පරජය කරමින් මහනුවර විද්‍යාර්ථ විදුහලේ ප‍්‍රසාද් ද සිල්වා, තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. උදය රණසිංහද මහනුවර විද්‍යාර්ථ විදුහලේම කී‍්‍රඩකයෙකි.
වයස 10 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ විශාකා විදුහලේ සහන්‍යා බුද්ධදාස පරාජය කළ කොළඹ සසෙක්ස් විදුහලේ බිමන්දී බණ්ඩාර, ඉන් නොනැවතී වයස 10 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස අම්බලන්ගොඩ ප‍්‍රජාපතී බාලිකා විදුහලේ නදිති රෙහන්සාද පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ඕස්ටේ‍්‍රලියානු ශාඛාවේ සභාපති බර්ට් ඒකනායක මහතා සහභාගි විය.
බාලක තරග ප‍්‍රතිඵල
වයස 10 න් පහළ කේවල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හසිඳු රුද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/07, 11/07)
වයස 12 න් පහළ කේවල
චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස තිස්ස රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (07/11, 06/11, 11/09, 11/08, 11/08)
වයස 15 න් පහළ කේවල
විරුණක හෙන්දහේවා (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස නිමේෂ් රාංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (06/11, 11/09, 11/09, 10/12, 11/07)
වයස 18 න් පහළ කේවල
ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/07, 14/12, 10/12, 11/09)
බාලිකා තරග ප‍්‍රතිඵල
වයස 10 න් පහළ කේවල
බිමන්දී බණ්ඩාර (කොළඹ සසෙක්ස් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සහන්‍යා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/00, 11/07, 18/16)
වයස 12 න් පහළ කේවල
බිමන්දී බණ්ඩාර (කොළඹ සසෙක්ස් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී බලිකා විදුහල) පරාජය කරන ලදි. (03/11, 11/09, 10/12, 14/12, 11/6)
වයස 15 න් පහළ කේවල
ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදී. (11/09, 11/07, 11/08)
වයස 18 න් පහළ කේවල
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදී. (13/11, 13/11, 03/11, 11/09)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.