Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘පී‍්‍රමා කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය දකුණු පළාත් සහ උතුරු මැද පළාත් කණ්ඩායම් අතර හෙට (7 වැනිදා) කොළඹ කොල්ට්ස් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම කඩුලූ 7 කින් පරාජය කරමින් දකුණු පළාත් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී උතුරු මැද පළාත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව නිසා අත්හැර දැමූ අතර තරගාවලියේ නිති රීතිවලට අනුව උතුරු මැද පළාත් කණ්ඩායම නිතරගයෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
මූලික වටයේදී බස්නාහිර පළාත් දකුණ (පිටත* කණ්ඩායම, බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම සහ උතුරු පළාත් කණ්ඩායම පරාජය කළ දකුණු පළාත් කණ්ඩායම, ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙසින් අවසන් පූර්ව වටයට පිවිසියේය.
‘බී’ කාණ්ඩයේ ශූරයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසි උතුරු මැද පළාත් කණ්ඩායම, මූලික වටයේදී බස්නාහිර පළාත් උතුර කණ්ඩායම, මධ්‍යම පළාත් කණ්ඩායම සහ නැගෙනහිර පළාත් කණ්ඩායම පරාජය කළේය.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග දකුණු පළාත් කණ්ඩායම කණ්ඩායමේ නායකත්වය දරන අතර කුරුණෑගල මලියදේව විදුහලේ කවීන් බණ්ඩාර උතුරු මැද පළාත් කණ්ඩායමේ නායකත්වය දරයි.
දකුණු පළාත් කණ්ඩායම -
නිපුන් මාලිංග (නායක - ගාල්ල විද්‍යාලෝක විදුහල), දිලූම් සුදීර (උප නායක - කරන්දෙණිය මැදි විදුහල), විනුර දුල්සර (ගාල්ල මහින්ද විදුහල), රවිෂ්ක විජේසිරි (ගාල්ල රිච්මන්ඞ් විදුහල), ලකිල ටෙහාන් (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල), රවිඳු රෂාන්ත (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), හේෂාන් දිල්හාර (මාතර රාහුල විදුහල), සංජු ලක්ෂාන් (ගාල්ල විද්‍යාලෝක විදුහල), ගිහාන් තරුෂ (ගාල්ල විද්‍යාලෝක විදුහල), පසන් පෙතන්ගොඩ (ගාල්ල මහින්ද විදුහල), කවිඳු සොහාන් (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල), අකිල දිල්ෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), පසිඳු මනුපි‍්‍රය (මාතර ශාන්ත සර්වේෂස් විදුහල), රවිඳු මිලාන් (කරන්දෙණිය මැදි විදුහල), පැතුම් මධුසංඛ (රත්ගම දේවපතිරා විදුහල), ශෂික දිල්ෂාන් (මාතර ශාන්ත සර්වේෂස් විදුහල), කවිඳු නදීෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), චාමික රණසිංහ (හම්බන්තොට සුචී ජාතික පාසල), දිනුක දිල්ෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), කේෂර නුවන්ත (මාතර ශාන්ත සර්වේෂස් විදුහල), නිලංක හඳුන්ගේ මහතා (පුහුණුකරු), ලසිත් චමින්ද මහතා (පුහුණුකරු)
උතුරු මැද පළාත් කණ්ඩායම -
කවීන් බණ්ඩාර (නායක - කුරුණෑගල මලියදේව විදුහල), දිලංක පේ‍්‍රමරත්න (ඉබ්බාගමුව මැදි විදුහල), සහන් රණතුංග (කුරුණෑගල මලියදේව විදුහල), සුපුන් සුමනරත්න කුරුණෑගල මලියදේව විදුහල), නිපුන් අභිෂේක් (කුරුණෑගල ශාන්ත ආනා විදුහල0, කවිඳු රණසිංහ (කුරුණෑගල ශාන්ත ආනා විදුහල), කේෂාන් බගින්ද (සඳලංකා මැදි විදුමල), නවෝද්‍ය විජේකුමාර (වාරියපොල ශ්‍රී සුමංගල විදුහල), විදත් බටේපොළ (කුරුණෑගල වයඹ රාජකීය විදුහල), චමින්ද ජයසිංහ (කුරුණෑගල මලියදේව විදුහල), පුබුදු බණ්ඩාර (මාතලේ ශාන්ත තෝමස් විදුහල), ශෙහාන් අවන්ද්‍ය (මාතලේ ශාන්ත තෝමස් විදුහල), අංජුල කරුණාරත්න (කැකිරාව මැදි විදුහල), අකිල චමෝද් (තිබ්බොටුවාව මහ විදුහල), ප‍්‍රමිල ධනංජය (පෙළොන්නරුව රාජකීය විදුහල), කෝකිල වීරසිංහ (පෙළොන්නරුව රාජකීය විදුහල), සී. එල්. දොඹවැල්ල (මලියදේව ආදර්ශ පාසල), සුදම් රවිෂාන් (පෙළොන්නරුව රාජකීය විදුහල), අයි. පී. බණ්ඩාර (මාතලේ ශාන්ත තෝමස් විදුහල), නිලන්ත විමලවීර මහතා (පුහුණුකරු), ලක්ෂිත හේරත් මහතා (පුහුණුකරු), චමින්ද ජයසිංහ මහතා (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.