Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිය පුතු සෙනෙහසේ ක්‍රිකට් මහ තරගය 7 දා අම්පාරේදී

පිය පුතු සෙනෙහසේ ක්‍රිකට් මහ තරගය 7 දා අම්පාරේදී

editorial - 2025 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

අම්පාර සද්ධාතිස්ස ජාතික පාසල සහ කාවන්තිස්ස ජාතිත පාසල අතර " පිය පුතු සෙනෙහසේ" ක්‍රිකට් තරගය ජුනි 07 වෙනිදා අම්පාර  එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

අම්පාර සද්ධාතිස්ස විදුහලේ කණ්ඩායම් නායකයා ලෙස එම්.එල්. මේනක ප්‍රබ්‍රද්ධ කටයුතු කරන අතර කාවන්තිස්ස මහා විදුහලේ නායකයා ලෙස කවීශ් නිම්සර කටයුතු කරයි .

මෙවර තරගයේ සත්කාරක පාසල වශයෙන් සද්ධාතිස්ස මහ විදුහල කටයුතු කරයි. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සමග එක්වී පාසලේ විදුහල්පතිනිය සහ ගුරු මණ්ඩලය මෙම තරගය සංවිධානය කරයි.

මෙම තරගය සම්බන්ධයෙන් වූ  මාධ්‍ය සාකච්ජාව සහ කණ්ඩායම් හදුනා ගැනීමේ උත්සවය පසුගියදා අම්පාර රන්බිම හෝටලයේදී පැවැත්විණ. පාසල් දෙකේම කණ්ඩායම් සදහා ක්‍රිකට් ඇඳුම් පාසල් දෙකේ ආදි ශිෂ්‍යන් විසින් පරිත්‍යාග කරනා ලදි. අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් ආයතනය විසින් අවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කරනා ලදි

මෙම තරගය පවත්වන ආකරය පිලිබද ගිවිසුම් කාවන්තිස්ස විදුහලේ විදුහල්පති ප්‍රේමරත්න මහතා සහ සද්ධාතිස්ස  මහා විදුහලේ විදුහල්පතිනිය එච්.රමනී සන්ධ්‍යා විසින් හුවමාරු කර ගන්නා ලදි.

 

අම්පාර සද්ධාතිස්ස ජාතික විදුහල

 

අම්පාර කාවන්තිස්ස ජාතික විදුහල


අදහස් (0)

පිය පුතු සෙනෙහසේ ක්‍රිකට් මහ තරගය 7 දා අම්පාරේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.