කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ පළමු දිනය වූ අද (18 වැනිදා) පැවැති තරග වලදී කිසිදු නව තරග වාර්තාවක් පිහිටුවීමට කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක සමත් නොවූහ. අද දිනයේදී සෑම වයස් කාණ්ඩයක්ම නියෝජයන වන පරිදි මූලික වටයේ තරග සහ අවසන් මහ තරග 44 ක් පැවැත්විණ.
කේවල තරග ඉසව් 140 කින් සහ සහය තරග ඉසව් 24 කින් සමන්විත වන මෙම තරගාවලියට පාසල් 165 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 2563 ක් සහ කී‍්‍රඩිකාවෝ 1625 ක් සහභාගී වෙති.
එම පාසල් 165 ට බස්නාහිර පළාතෙන් පාසල් 69 ක්, මධ්‍යම පළාතෙන් 25 ක්, දකුණු පළාතෙන් 20 ක්, උතුරු මැද පළාතෙන් 15 ක්, සබරගමු පළාතෙන් 14 ක්, ඌව පළාතෙන් 12 ක්, වයඹ පළාතෙන් 10 ක් ඇතුළත් වන නමුත් උතුරු පළාතෙන් සහ නැගෙනහිර පළාතෙන් එකම පාසලක් හෝ ඊට ඇතුළත් වී නැත.
මෙහිදී වයස 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ 6 යටතේ බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම තරග පැවැත්වේ.
ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස නෙස්ලේ ලංකා සමාගම කටයුතු කරයි. තරගාවලිය ලබන 21 වැනිදා දක්වා පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.