Last Update  :  2026-01-12 20:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පවන් රත්නායකගෙන් ශතක දෙකක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

පවන් රත්නායකගෙන් ශතක දෙකක්

editorial - 2026 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රීඩා සමාජයේ පවන් රත්නායක සමත් විය. මෙම තරගය සී.සී.සී. කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් අත්කර දෙමින් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. 

තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි සී.සී.සී. කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි පවන් රත්නායක පන්දු 128 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 125 ක් ලබා සිටියේය. අංජල බණ්ඩාර (47) සමග 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පවන් සමත් විය. 

පළමු ඉනිමේදීද පවන් සී.සී.සී කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගත් අතර එහිදී පන්දු 170 කට මුහුණ දෙමින් ඉතා ඉවසිලිමත් පිතිහරඹයක නිරත වූ ඔහු හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සිය ශතකය සැරසුවේය. පළමු ඉනිමේදී ලකුණු 87 කට කඩුලු 7 ක් දවාගත් දුෂාන් විමුක්ති, දෙවැනි ඉනිමේදී දෙවැනි ඉනිමේදී ලකුණු 89 කට කඩුලු 4 ක්ද දවාගනිමින් මෙම තරගයේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ දමාගත්තේය. 


සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 309  
(නිෂාන් මධුෂ්ක 50, ලසිත් කෲස්පුල්ලේ 37, පවන් රත්නායක 116, සහන් කෝසල 20, අංජල බණ්ඩාර 38, දුෂාන් විමුක්ති 87/7, විෂ්ව ළහිරු 65/3) 

පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 271  
(ඉරෝෂ් සමරසූරිය 87, විෂ්ව චතුරංග 22, කාංචන ද ලිවේරා 52, දුෂාන් විමුක්ති 25, සසිඳු මල්ෂාන් 28, සොනාල් දිනූෂ 63/5, නිෂාන් පීරිස් 45/2) 

සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 276  
(නිෂාන් මධුෂ්ක 59, පවන් රත්නායක නොදැවී 125, අංජල බණ්ඩාර 47, දුෂාන් විමුක්ති 89/4, සහන් මිහිර 62/2) 


අදහස් (0)

පවන් රත්නායකගෙන් ශතක දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.