Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ මිහිඳු මැදි විදුහලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ මිහිඳු මැදි විදුහලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයකදී හොරණ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (5 වැනිදා) සමත්විය. මෙම තරගය හොරණ ශ්‍රීපාලී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අමිල නිරෝෂණ සහ හර්ෂ සඳරුවන් කඩුලු 3 බැගින් ද සසිත් උදයකුමාර සහ නිමේෂ ගිම්හාන කඩුලු 2 බැගින්ද දවාගනිමින් පැලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර ඕවර 43 කට තරගය සීමාවිය.

පලන්නොරුව ම.ම. විද්‍යාලය - ඕවර 25.2 කදී සියලුදෙනා දැවී 56
(අමිල නිරෝෂණ 15/3, හර්ෂ සඳරුවන් 10/3, සසිත් උදයකුමාර 11/2, නිමේෂ ගිම්හාන 13/2)

මිහිඳු ම.ම. විද්‍යාලය - ඕවර 13.3 කදී කඩුලු 3 ක් දැවී 60
(නිමේෂ් ගිම්හාන නොදැවී 23, එරාන් හසරැල් 21/2)

 


අදහස් (0)

පන්දු යවන්නෝ මිහිඳු මැදි විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.