Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්ද විදුහලට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

නාලන්ද විදුහලට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විදුහලට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල ඊයේ (6 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජිතේෂ් වාසල කඩුලු 4 ක් සහ රවීන් ද සිල්වා කඩුලු 3 ක් දවාගනිමින් මීගමුව ශාන්ත පීතර විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

ශා.පීතර විදුහල - ඕවර 24.5 කදී සියලුදෙනා දැවී 44
(ජිතේෂ් වාසල 10/4, රවීන් ද සිල්වා 07/3, රශාන් දිසානායක 09/2)

නාලන්ද විදුහල - ඕවර 4 කදී කිසිවකු  නොදැවී 45
(ලක්ෂාන් කාශ්‍යප නොදැවී 28)


අදහස් (0)

නාලන්ද විදුහලට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.