Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර බලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 245 ක පහසු ජයක් අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 341 ක ඉලක්කයක් හඹාගිය බණ්ඩාරනායක විදුහලට ඕවර 26 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 86 ක් පමණි.
එහිදී ධර්මාශෝක විදුහලේ දිනුක දිල්ෂාන් පන්දු 92 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 120 ක් රැස්කළ අතර රවිඳු ද සිල්වා පන්දු 72 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 111 ක් රැස්කළේය.
ධර්මාශෝක විදුහල - ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 340
(දිනුක දිල්ෂාන් නොදැවී 120, රවිඳු ද සිල්වා 111, සේන දේෂායි 29, චමිඳු දිල්ෂාන් 21, කවිඳු නදීෂාන් 20, ෂෙහාන් චන්ද්‍රසිරි 45/4, මාධව කරුණාරත්න 34/2)
බණ්ඩාරනායක විදුහල - ඕවර 26 කදී සියලූ දෙනා දැවී 86
(මාධව කරුණාරත්න 32, හසිත පතිරණගේ 15, කවිඳු නදීෂාන් 23/4, රවිඳු ද සිල්වා 7/2, හසංක කන්නංගර 25/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.