Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙවැනි වටයට කණ්ඩායම් 40 ක්

දෙවැනි වටයට කණ්ඩායම් 40 ක්

ශනුක අරවින්ද - 2015 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයට කණ්ඩායම් 40 ක් තෝරාගනු ලැබ තිබේ.

තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 80 ක් සහභාගී වූ අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදිණ.

දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 40, එහිදී කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ 8 ක් යටතේ තරග වදින අතර එම කාණ්ඩ අටේ ශූරතා සහ අනුශූරතා දිනාගන්නා කණ්ඩායම් 16 තරගාවලියේ තෙවැනි වටයට (පෙර අර්ධ අවසන් පූර්ව වටයට) සුදුසුකම් ලබාගනු ඇත.

දෙවැනි වටයේ තරග මේ මස 26 වැනිදා ආරම්භ වන අතර ජූලි මස 12 වැනිදා අවසන් වීමට නියමිතය.

‘පී’ කාණ්ඩය -
වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල, කළුතර තිස්ස විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කළුතර විද්‍යාලය

‘කිව්’ කාණ්ඩය -
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, පොලොන්නරුව රාජකීය විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල

‘ආර්’ කාණ්ඩය -
කොළඹ ආනන්ද විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල

‘එස්’ කාණ්ඩය -
කෝට්ටේ ජනාධිපති විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කඳන ද මැසිනොද් විදුහල, ගාල්ල මහින්ද විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල

‘ටී’ කාණ්ඩය -
පානදුර රාජකීය විදුහල, දෙබරවැව ජාතික පාසල, මහනුවර විද්‍යාර්ථ විදුහල, කොළඹ ඉසිපතන විදුහල, සහ කොළඹ වෙස්ලි විදුහල

‘යූ’ කාණ්ඩය -
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කරන්දෙණිය මැදි විදුහල, ඉබ්බාගමුව මැදි විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල

‘වී’ කාණ්ඩය -
කුරුණෑගල මලියදේව විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ රාජකීය විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල

‘ඩබ්ලිව්’ කාණ්ඩය -
මහනුවර ති‍්‍රත්ව විදුහල, කොළඹ මහානාම විදුහල, මරදාන සහිරා විදුහල, කොළඹ නාලන්දා විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල

-036

 


අදහස් (0)

දෙවැනි වටයට කණ්ඩායම් 40 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.