Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුනිත් - අශේන් ශා.ජෝසප් විදුහලට ජය ගෙනෙති

දුනිත් - අශේන් ශා.ජෝසප් විදුහලට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය කඳාන ද මැසිනොද් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සදීප ප්‍රමුදිත (75) අර්ධ ශතකයක් රැස්කරමින් ද මැසිනොද් විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දුනිත් වෙල්ලගේ ලකුණු 17 කට කඩුලු 4 ක් සහ අශේන් ඩැනියල් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජොනී ද සිල්වා (56) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත ජෝසප් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ද මැසිනොද් විදුහල - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී 156
(සදීප ප්‍රමුදිත 75, දිමුතු මතායස් 24, දුනිත් වෙල්ලගේ 17/4, අශේන් ඩැනියල් 27/3)

ශා. ජෝසප් විදුහල - ඕවර 27.4 කදී කඩුලු 6 ක් දැවී 158
(ජොනී ද සිල්වා 56, දිනෙත් ජයකොඩි 20, දුනිත් වෙල්ලගේ 20, තීක්ෂණ පෙරේරා 18/2, රුවින් ප්‍රනාන්දු 36/2)


අදහස් (0)

දුනිත් - අශේන් ශා.ජෝසප් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.