Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු ශූරතාව කුරුණෑගල ශූ. පවුලේ කන්‍යාරාමයට

දැල්පන්දු ශූරතාව කුරුණෑගල ශූ. පවුලේ කන්‍යාරාමයට

ශනුක අරවින්ද - 2015 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ථ ලංකා බාලිකා පාසල් ආරාධිත ආදි ශිෂ්‍යා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම සමත් විය.

අවසන් මහ තරගයේදී ලකුණු 15/6 ක් ලෙස බම්බලපිටිය ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමේ චිරංජනී අබේනාරායන දැල්පන්දු රැජින ලෙස සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේ උප නායිකා දුලංගි වන්නිතිලක තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව සහ දක්ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනාගත්තාය.

අමල්කා ගුණතිලක (නායිකාව), දුලංගි වන්නිතිලක (උප නායකාව), ගිෂාරා නයනතාරා, ටෙචිනි ගයාෂි, ජනාති‍්‍ර හිරන්යා, හිමාෂා රදලගේ, කිෂානි අබේනායක, රුක්ෂලා හපුආරච්චි, චතුරංග අබේනාරායන, ගයාති‍්‍ර බෝගල, ගයනි පූර්ණිමා යන කී‍්‍රඩිකාවෝ කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම නියෝජනය කළහ.

පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 14/8 ක් ලෙස කෑගල්ල බාලිකා විදුහල් කණ්ඩායම පරාජය කරමින් කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

බම්බලපිටිය ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 14/9 ක් ලෙස කොළඹ විශාකා විදුහල් කණ්ඩායම පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ලකුණු 14/3 ක් ලෙස කෑගල්ල බාලිකා විදුහල් කණ්ඩායම පරාජය කිරීමට කොළඹ විශාකා විදුහල් කණ්ඩායම සමත් විය.

කොළඹ දිස්ති‍්‍රක් දැල් පන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ළමා කටයුතු ඇමතිනි රෝසි සේනානායක මහත්මිය තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවාය.

කණ්ඩායම් 20 ක් සහභාගී වූ මෙම තරගාවලිය ටොරින්ංටන් පෙදෙස කී‍්‍රඩා අමාත්‍යංශ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

අවසන් මහ තරගය
කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් ලකුණු 15/6 ක් ලෙස බම්බලපිටිය ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය පරාජය කරන ලදි.

අවසන් පූර්ව තරග
කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් ලකුණු 14/8 ක් ලෙස කෑගල්ල බාලිකා විදුහල පරාජය කරන ලදි.
බම්බලපිටිය ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් ලකුණු 14/9 ක් ලෙස කොළඹ විශාකා විදුහල පරාජය කරන ලදි.


අදහස් (0)

දැල්පන්දු ශූරතාව කුරුණෑගල ශූ. පවුලේ කන්‍යාරාමයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.