Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දඹුල්ලට ලකුණු 133 ක ජයක්
ජාතික සුපිරි ලීගය - 2023

දඹුල්ලට ලකුණු 133 ක ජයක්

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 133 ක ජයක් ලැබූ දඹුල්ල කණ්ඩායම, තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (26 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 465 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 331 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අශාන් ප්‍රියන්ජන් සහ චලන ද සිල්වා කඩුලු 3 බැගින් දවාගනිමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ රවිඳු ප්‍රනාන්දු පන්දු 112 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 111 ක් සමග ලකුණු 131 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 50 කින් ලකුණු 51 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

තෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6  ක් දැවී ලකුණු 254 ක් ලබා සිටි දඹුල්ල කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 20 ක් පමණි. එහිදී ප්‍රහාරත්මක පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග පන්දු 66 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 95 ක් රැස්කළේය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 426
යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 236  
දඹුල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 274

(ගයාන් මනීෂාන් 18, පවන් රත්නායක 47, සනෝජ් දර්ෂික 29, අෂාන් ප්‍රියන්ජන් 31, වනිඳු හසරංග 95, දුෂාන් හේමන්ත 21, ශෂික දුල්ෂාන් 77/3, බිනුර ප්‍රනාන්දු 25/2, ජෙෆ්රි වැන්ඩසේ 68/2)
යාපනය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 331
(නවෝද් පරණවතාන 51, රොන් චන්ද්‍රගුප්ත 47, රවිඳු ප්‍රනාන්දු 131, බිනුර ප්‍රනාන්දු 32, ජෙෆ්රි වැන්ඩසේ 35, අශාන් ප්‍රියන්ජන් 61/3, චලන ද සිල්වා 86/3)


අදහස් (0)

දඹුල්ලට ලකුණු 133 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.