Last Update  :  2026-04-22 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන් කොන් චෙස් තරගාවලිය 27 - 3 කන්නන්ගර විද්‍යාලයේදී

තුන් කොන් චෙස් තරගාවලිය 27 - 3 කන්නන්ගර විද්‍යාලයේදී

editorial - 2026 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

සුපර් ෆයිටර් කුසලාන තුන් කොන් පාසල් වාර්ෂික චෙස් තරගාවලිය අප්‍රේල්  මස 27 සහ මැයි 3 දෙදින මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විදුහලේදී පැවැත්වේ. මෙවර  තරගාවලියේ සත්කාරකත්වය දරනුයේ  මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර  විදුහල විසිනි.

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර, හොරණ තක්ෂිලා සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය යන විදුහල් අතර මේ තරගාවලිය පැවැත්වේ. තරගාවලිය වයස් කාණ්ඩ තුනකින් යුතුව, බාලක සහ බාලිකා අංශ දෙකින්ම පැවැත්වෙනු ඇත.  මෙම පාසල් තුනේම වයස 20 න් පහළ 15 න් පහළ සහ 13 න් පහළ බාලක බාලිකා චෙස් කණ්ඩායම් මෙහිදී තරග වදින අතර එම කණ්ඩායම් ලබා ගන්නා  සමස්ත  ලකුණු  මත තරගාවලියේ ශූරතාව දිනා ගන්නා විදුහල තෝරා ගනු ලබයි.

මේ තරගාවලිය ආරම්භ කෙරුණේ 2024 වසරේදීය. මේ දක්වා තරගාවලිය පැවැති වසර දෙකේදීම ශූරතාව හොරණ තක්ෂිලා විදුහල විසින් දිනා ගන්නා ලදි.

මෙවර තරගාවලියට සහභාගී වන මේ පාසල් තුනේම   ජාතයන්තර ශ්‍රේණිගත  කිරීම් සහිත මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර චෙස්  තරගාවලිවලට  සහභාගී වූ දක්ෂ චෙස් ක්‍රීඩක,ක්‍රීඩිකාවෝ  රැසක්ම තරග වදිති.

පාසල් පද්ධතිය තුළ චෙස් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා 'මහ තරග' (Big Match) සංකල්පය ප්‍රචලිත කිරීමත් , චෙස් ක්‍රීඩාවේ අති දක්ෂයන් හඳුනා ගැනීම සහ චෙස් කීඩාව තුළින් පාසල් අතර සහෝදරත්වය වර්ධනය කිරීම මේ තරගාවලියේ ප්‍රධාන  අරමුණු බව තුන් කොන් පාසල් චෙස් තරගාවලිය හඳුන්වාදුන් කලුතර දිස්තික් චෙස් සංගමයේ ලේකම් මදුෂාන් සමීර දිසානායක මහතා මේ තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.


අදහස් (0)

තුන් කොන් චෙස් තරගාවලිය 27 - 3 කන්නන්ගර විද්‍යාලයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.