වයස 19 න් පහළ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලිය දෙවැනි දින ඊයේ (12) මාතලේ බර්නාඞ් අලූවිහාරේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙද්දී එම ක‍්‍රීඩාංගණයේ බැලතණ කපා සුද්ධ කිරීමෙන් තරගවලියට බාධා ඇතිවිය.
මෙම තරගාවලිය සඳහා කොළඹ, ගාල්ල, මාතර, මීගමුව, වෙන්නප්පුව, බදුල්ල, පානදුර, ගම්පහ, යාපනය, මහනුවර සහ මාතලේ ප‍්‍රදේශවල ප‍්‍රධාන පාසල්වල බාලක සහ බාලිකා හොකී කණ්ඩායම් 38 ක් සහභාගී වී සිටියේය.
මෙම තරගාවලියේ සමාරම්භ උත්සවය පෙරේදා (11) පැවැත්විණි. මාතලේ බර්නාඞ් අලූවිහාරේ සහ එඞ්වර්ඞ් ක‍්‍රීඩාපිටි දෙකේ දී මෙම තරගාවලිය හෙට (14) දක්වා පැවැත්වේ.
බර්නාඞ් අළුවිහාරේ ක‍්‍රීඩා පිටියේ බැලතණ පඳුරක හොකී පිත්ත දැවටී මාතලේ ක‍්‍රිස්තුදේව විදුහලේ සහ මාතලේ සාන්ත තෝමස් විදුහලේ ක‍්‍රීඩකයන් දෙදෙනකුගේ පාද ආබාධවී රෝහල් ගත කළැයි එහි හොකී ක‍්‍රීඩා පුහුණුකරුවකු පැවැසීය. රෝහල් ගත කළ ක‍්‍රීඩකයකුගේ පාදයකට මැහුම් දෙකක් දමා ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.