(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතිය යටතේ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජය ඉනිමක පරාජයකට ලක්වීමෙන් ගළවා ගැනීමට චාමික කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල සමත් වූහ. මෙම තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි ද්‍රවිඩ සංගම් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටි අතර එහිදී නායක මිනෝද් භානුක හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය. ළහිරු කුමාර, දිනෙත් රූපසිංහ සහ ශක්ති උදාර කඩුලු 2 බැගින් බිඳහෙළමින් ද්‍රවිඩ සංගම් පිතිකරුවන් පීඩනයට පත්කළහ.
ද්‍රවිඩ සංගම් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 353 ට පිළිතුරු වශයෙන් ලකුණු 176 කට දැවී යෑමෙන් අනතුරුව ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 177 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. එහිදී පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදුන් එන්.සී.සී. ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 430 ක් රැස්කිරීමට සමත් වූහ.
එහිදී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 99 කින් ලකුණු 126 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගිනි. එන්.සී.සී. ඉනිම අත්හිටුවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි චාමික කරුණාරත්න පන්දු 119 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 125 ක් රැස්කළේය. කවින් බණ්ඩාර (52) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක් එක්කිරීමටද චාමික සමත් විය.
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 353
(නවෝද් පරණවිතාන 43, ඉසිවර දිසානායක 54, ශාරුජන් ශන්මුගනාදන් 87, සචිත ජයතිලක 28, විහස් තෙව්මික 63, ළහිරු සමරකෝන් 36, සහන් ආරච්චිගේ 51/3, චාමික කරුණාරත්න 52/3, ශක්ති උදාර 107/3)
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 176
(ළහිරු උදාර 20, චාමික කරුණාරත්න 62, ළහිරු කුමාර 47, ළහිරු සමරකෝන් 34/5, තීෂාන් විතුෂාන් 55/2)
එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 430
(නිරෝෂන් දික්වැල්ල 126, විනුක රූබසිංහ 36, අහන් වික්‍රමසිංහ 25, කවින් බණ්ඩාර 52, චාමික කරුණාරත්න නොදැවී 125, විජයකාන්ත් වියස්කාන්ත් 117/3, ළහිරු සමරකෝන් 66/2, විහස් තෙව්මික 98/2)
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 127
(මිනෝද් භානුක 45, ළහිරු කුමාර 04/2, දිනෙත් රූපසිංහ 50/2, ශක්ති උදාර 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.