Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පළමු වරට සංවිධානය කරන ගුවන් හමුදා විවෘත බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා තුම්මුල්ල, ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප‍්‍රමඛ පෙළේ බැඞ්මින්ටන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ද ඇතුළත්ව ති‍්‍රවිධ හමුදාව සහ කී‍්‍රඩා සමාජ රැුසක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 150 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙහිදී පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගළ යන ප‍්‍රධාන කාණ්ඩ 5 ට අමතරව ප‍්‍රවීණ පිරිමි කේවල, ප‍්‍රවීණ කාන්තා කේවල, ප‍්‍රවීණ පිරිමි යුගල සහ ප‍්‍රවීණ කාන්තා යුගල යන කාණ්ඩ 4 යටතේද තරග පැවැත්වේ.
පළමු දිනයේදී (10 වැනිදා) සියලූම තරග ඉසව් වල මූලික වටයේ තරග පැවැත්වෙන අතර දෙවැනි දිනයේදී (11 වැනිදා) අර්ධ අවසන් පූර්ව තරගත්, තෙවැනි දිනයේදී (12 වැනිද) අවසන් පූර්ව තරගත් පැවැත්වේ.
තරගාවලියේ සිව්වැනි දිනය වන 13 වැනිදා අවසන් මහ තරග පැවැත්වීමට නියමිත අතර ත්‍යාග ප‍්‍රදානෝත්සවය එදිනම පස්වරු 4.30 සිට පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.
පිරිමි කේවල ඉසව්වේ ජයග‍්‍රාහකයාට හිමිවන රුපියල් 40,000 ක මුදල් ත්‍යාගය සහ කේවල කාන්තා ඉසව්වේ ජයග‍්‍රාහිකාවට හිමිවන රුපියල් 40,000 ක මුදල් ත්‍යාගයද සමගින් තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් අතරේ බෙදා දීමට නියමිත මුළු මුදල රුපියල් ලක්ෂ 4 කි.
ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගී වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.