Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගාල්ල අවසන් මහ තරගයට
ජාතික සුපිරි ලීගය - 2023

ගාල්ල අවසන් මහ තරගයට

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ  පළමු අවසන් පූර්ව තරගය අද (26 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. එහිදී මුල් ඉනිමේ ජයක් ලැබූ ගාල්ල කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 644 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ, තරගය නිමාවට පත්වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටියහ. ඒ වන විට ළහිරු උදාර හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද, රවීන් යසස් නොදැවී ලකුණු 20 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 102 කදී හයේ පහරක් සහ හතරේ පහර 17 ක් සමග ලකුණු 101 ක් රැස්කළේය. සඳුන් වීරක්කොඩි පන්දු 83 කින් වේගවත් ලකුණු 73 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.

තෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 145 ක් ලබා සිටි ගාල්ල ක්‍රීඩකයෝ, අද දිනයේදී තවත් ලකුණු 67 ක් රැස්කිරීමෙන් අනතුරුව සිය දෙවැනි ඉනිම අත්හිටුවා මහනුවර කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළහ.

ගාල්ල පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 658
මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 227
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 212

(සංගීත් කුරේ 58, ලක්ෂාන් එදිරිසිංහ 77, සුමින්ද ලක්ෂාන් 26, කවිෂ්ක අංජුල 20, අම්ෂි ද සිල්වා 53/2, ලසිත් ඇඹූල්දෙණිය 67/2)
මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 299
(ලසිත් කෲස්පුල්ලේ 101, කසුන් විදුර 33, සඳුන් වීරක්කොඩි 73, සහන් ආරච්චිගේ 18, රවීන් යසස් නොදැවී 20, ළහිරු උදාර නොදැවී 31, ප්‍රවීන් ජයවික්‍රම 98/3)


අදහස් (0)

ගාල්ල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.