(අජිත්ලාල් ශාන්තඋදය)
මේ වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේ “කෝ කෝ” තරග සංචිතයට ජාතික ශූරයන් තෝරාගැනීමට පැවැත්වෙන ජාතික “කෝ කෝ” තරගාවලිය මේ මස 17 සහ 18 දෙදින රත්නපුර නව නගර ක්රීඩාගංණයේ දී පැවැත්වේ.
කෝ කෝ ජාතික තරගාවලියේ සමාරම්භක උත්සවය ලෝක කෝ කෝ සම්මේලනයේ සභාපති සුදාෂු මිත්තාල් සහ තාක්ෂණික අධ්‍යක්ෂක එම්. එස්. ත්‍යාගි යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් 17දා පෙරවරු 08.30ට පැවැත්වෙයි. සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ජාතික කො කෝ සම්මේලනයේ සභාපති සංජිව ප්‍රියන්ත ෆොන්සේකා යන මහත්වරුන් ද ආරාධිතයින් ලෙස ඊට සහභාගි වනු ඇත.
දිවයින පුරාම විසිරී සිටින කෝ කෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ මෙම ජාතික තරගාවලියට කණ්ඩායම් වශයෙන් සහභාගි වෙති. ඒ අනුව පිරිමි කණ්ඩායම් 18ක් සහ කාන්තා කණ්ඩායම් 12ක් මෙවර ජාතික තරගාවලියට එක්විමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් සදහා 15 දෙනා බැගින් ජාතික සංචිතයට තෝරාගැනීමට ද නියමිතය.
කෝ කෝ ක්‍රීඩාව, ශාරීරික යෝග්‍යතාව මූලික සිද්ධාන්ත කරගනිමින් කුඩා ඉඩකඩක පැවැත්විය හැකි අඩු වියදම් ක්‍රීඩාවකි. දිවීම, ක්‍රීඩකයින් පසුපස හඹායාම, ලුහුබැද යන ක්‍රීඩකයින් දවාලීම, නියමිත කාලය තුල රැදී සිටිම තරගයේ ලක්ෂණ වේ. මෙහි ආරම්භය වසර 115 ට පමණ පෙර ඉන්දියාවේ පූනා නගරයේ බවට ඉතිහාස තොරතුරු ඇත. එය 1936 පැවති ඔලිම්පික් තරගයේ ප්‍රදර්ශන තරගයක් ලෙස පවත්වනු ලැබීය. ඉන්පසු කෝ කෝ ක්‍රීඩාව ලොව පුරා සිග්‍රයෙන් ප්‍රචලිත විය.
ලංකාවට කෝ කෝ තරග හදුන්වා දී ඇත්තේ 1996 දීය. දකුණු ආසියාතික, ආසියාතික සහ ලෝක කුසලාන කෝ කෝ තරගාවලි සදහා ලංකාවේ ජාතික කණ්ඩායම් (කාන්ත සහ පිරිමි) සහභාගි වී පදක්කම් හිමි කරගෙන ඇත. කෝ කෝ ක්‍රීඩාවේ ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව ලංකාව පසුවන්නේ සිව්වන ස්ථානයේය.
ජාතික “කෝ කෝ” තරගාවලියේ සමාරම්භක උළෙල අලි ඇතුන් යොදාගෙන විචිත්‍රවත් අන්දමින් පැවැත්වෙයි. සමාප්ත උත්සවය 18දා පස්වරු 4.30ට පැවත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.