Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ශා. ජෝසප් විදුහලට කඩුලු 3 ක ජයක්

කොළඹ ශා. ජෝසප් විදුහලට කඩුලු 3 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී ජාඇල ක්‍රිස්තුරාජ විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල ඊයේ (5 වැනිදා) සමත්විය. මෙම තරගය ජාඇල ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ශෙනුක ද සිල්වා සහ කුෂාන් සමරසිංහ කඩුලු 3 බැගින් ද ක්ලෙන් කල්යානරත්න කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර ඕවර 30 කට තරගය සීමාවිය.

ක්‍රිස්තුරාජ විදුහල - ඕවර 26.2 කදී සියලුදෙනා දැවී 107
(මලින්ද පෙරේරා 27, ශෙනුක ද සිල්වා 23/3, කුෂාන් සමරසිංහ 34/3, ක්ලෙන් කල්යානරත්න 07/2)

ශා. ජෝසප් විදුහල - ඕවර 26 කදී කඩුලු 7 ක් දැවී 110
(රවීන් නානායක්කාර 36, හේෂාන් පෙරේරා නොදැවී 23, මලින්ද පෙරේරා 24/3)


අදහස් (0)

කොළඹ ශා. ජෝසප් විදුහලට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.