Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩා ඇමති පැමිණිල්ල විභාග කරයි

කී‍්‍රඩා ඇමති පැමිණිල්ල විභාග කරයි

Dilrukshi - 2015 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරා ගැනීමේදී කී‍්‍රඩිකාවන් සිවු දෙනකුට දන්වා නැතැයි කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතා පසුගියදා දැල්පන්දු සම්මේලනයේ නිලධාරිනියක් කිහිප දෙනකුම කී‍්‍රඩා අමාත්‍යංශයට කැඳවා අදාළ පැමිණිල්ල විභාග කළේය.

රැස්වීමෙන් අනතුරුව ‘ලංකාදීප’ය කළ විමසුමකට පිළිතුරු දුන් රාමචන්ද්‍ර මහත්මිය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ එකමුතු බව බිඳ දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරද්දී ඇමැතිවරයාගේ කි‍්‍රයාකලාපය දැල්පන්දු සම්මේලනය බෙහෙවින් දිරි ගන්වන සුළු බවත් පැවැසුවාය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය.

”කී‍්‍රඩා ඇමැතිතුමාට මා විශේෂයෙන්ම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ මා යටතේ දැල්පන්දු සංගමයෙන් කිසිදු වරදක් වීමට ඉඩ නොතබන බවයි”

”දැන් ඔය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සම්බන්ධයෙන් ද ඇතැම් අය ප‍්‍රශ්න නගනවා. නමුත් ඒකට සෙමිනි අල්විස්ට තිබෙන සුදුසුකම් අපි ඇමැතිවරයාට පෙන්වා දුන්නා. මේ ප‍්‍රශ්නය තවදුරටත් ඇද ගෙන යන්නෙ නැතිව දැන් හැමෝම කළ යුත්තේ ලෝක ශූරතාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට උදව් කිරීමයි” යයිද යසා රාමචන්ද්‍ර මහත්මිය වැඩිදරටත් පැවසුවාය

ලෝක ශූරතා දැල්පන්දු ශුරතාවලියට සූදානම් වන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිරි ගැන්වීමේ තීරණයක් ලබාදුන් කීඩා ඇමැති නවීන් දිසානායක මහතාට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ කෘතඥතාවය පළ කරන බවද එහි සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

 


අදහස් (0)

කී‍්‍රඩා ඇමති පැමිණිල්ල විභාග කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.