ශ‍්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධානය කරන ජාතික කායවර්ධන තරගාවලිය මේ මස 13 වැනිදා පස්වරු 4.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න රංග ශාලාවේදී පැවැත්වේ. ‘මිස්ටර් ශ‍්‍රී ලංකා 2015’ යනුවෙන් හැඳින්වෙන ජාතික කායවර්ධන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 68 වැනි වසරටය.
මෙම තරගාවලිය කිලෝග‍්‍රෑම් 55, 60, 65, 70, 75, 80, 85 සහ 85 ට වැඩි බර පංති යටතේ පැවැත්වෙන අතර කනිෂ්ඨ තරග බර පංති දෙකකින් සමන්විතය. ප‍්‍රවීණයන් සඳහාද තරග එහිදී පැවැත්වේ.
මෙවර ජාතික ශූරයාට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 100,000 ක් වන අතර දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ක‍්‍රීඩකයාට රුපියල් 75,000 ක්ද, තෙවැනි ස්ථානය ලබන ක‍්‍රීඩකයාට රුපියල් 50,000 ක්ද පිරිනැමේ.
කනිෂ්ඨ මෙන්ම ප‍්‍රවීණයන්ගේ ඉසව් ජයගන්නා ක‍්‍රීඩකයන්ටද මුදල් ත්‍යාග පිරිනැමෙන බව තරගාවලිය දැනුවත් කිරීම සදහා කොළඹ ඔටර්ස් ක‍්‍රීඩා සමාජයේ පැවැති මාධ්‍ය හමුවේදී එම සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය. බර පංතිවල සෙසු ජයග‍්‍රාහකයන්ට ක‍්‍රීඩාවේ නිරතවීම ස`දහා අතිරේක පෝෂණ ද්‍රව්‍යය පිරිනැමේ.
තරගාවලියට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් අයැදුම්පත් 140 ක් පමණ මේ වන විට ලැබී ඇතැයි ප‍්‍රනාන්දු මහතා පැවසීය. යාපනයෙන් තරගකරුවන් 12 දෙනෙක් මෙවර ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.
කායවර්ධන සම්මේලනයට මහත් අඩුවක්ව පැවැති ස්ථිර කාර්යාලයක් මේ වන විට ක‍්‍රීඩා අමාත්‍යංශය ලබාදී ඇතැයි ද හෙතෙම පැවසීය.
”සම්මේලනයට අවශ්‍යම වු කාර්යාලය දැන් අපට ලැබුණා. සම්මේලනය සදහාම වන කායවර්ධනාගාරයක අඩුව අපට තියෙනවා. ක‍්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගයෙන් ඉදිරියේදී ඒ සම්බන්‍ධයෙන් අවධානය යොමු කරනවා යැයි” ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.
ශ‍්‍රී ලංකාවේ කායවර්ධන කී‍්‍රඩාව ස`දහා කාන්තාවන් යොමුවීම අඩුවක්ව පැවැතියත්, කාන්තාවන් මේ සදහා යොමු කිරීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කීය.
තරගාවලිය පැවැත්වෙන දින පෙරවරු 9.00 ට පෙර තරග පැවැත්වෙන ස්ථානයට පැමිණ බර පංති ස`දහා ලියාපදිංචි විය හැකි බවද සම්මේලනය දන්වා සිටියි.
ප‍්‍රධාන අනුග‍්‍රාහය දක්වන ජාතික ලොතරැයි මණ්ඩලය ලක්‍ෂ 10 ක අනුග‍්‍රහකත්වයක් පිරිනැමීය. ක‍්‍රීඩා අමාත්‍යංශය තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා 500,000 ක මුදලක් ලබාදී ඇතැයි කිත්සිරි ප‍්‍රනාන්දු මහතා සදහන් කළේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ පළාත් කළමනාකරු තාරක ලියනගේ මහතා විසින් ශ‍්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රාහකත්වය පිරිනැමු අයුරු.
(ඡායාරූපය: සජීක ජයසිංහ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.