Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ විශේෂ මහා සභා රැස්වීමක් 27 දා

එල්ලේ විශේෂ මහා සභා රැස්වීමක් 27 දා

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ පුරප්පාඩු වී පවතින තනතුරු පිරවීම සඳහා කැඳවෙන එහි විශේෂ මහ සභා රැුස්වීමක් මෙම 27 වැනිදා ජාxඇල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. එල්ලේ සම්මේලනයේ පැවති නිලවරණයේදී එහි තනතුරු ගණනාවක් පිරවිය නොහැකි වූයේ ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් නොවූ බැවිනි.

කෙසේ වෙතත් හිස්ව පවතින ධුර පිරවීම සඳහා  එල්ලේ සම්මේලනය යළි නාම යෝජනා කැඳවූයේ සභාපතිවරයාගේ නිවසේ ලිපිනයට බැවින් එය කී‍්‍රඩා පනත උල්ලංඝනය කිරීමක් බවට ක්‍ෂේත‍්‍රයේ පිරිසකගෙන් චෝදනාවක් එල්ල වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ කී‍්‍රඩා පනතේ විධි විධාන අනුව ජාතික කී‍්‍රඩා සංගමයක නිලවරණයක් පැවැත්වෙන්නේ නම් නාම යෝජනා කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමුකළ යුතු බවය.

එල්ලේ සම්මේලනයේ නව සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් කුමාර ගුණරත්න මහතාගේ මීගමුව නිවසේ ලිපිනයට මෙලෙස නාම යෝජනා කැඳවීම කර ඇතැයි එල්ලේ කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 එල්ලේ සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් නොවූ නාම යෝජනා අතර ප‍්‍රධාන ලේකම් ධුරය හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධුරය සඳහාද විය. නාම යෝජනා ඉදිරිපත් නොවූ සෙසු තනතුරු අතර උප සභාපති හා උප ලේකම් ධුර තුනක් බැගින් ද විය.

පැවති නිලවරණයේදී කාරක සභිකයන් පත්කර ගැනීමේදී ද අර්බුදයක් පැන නැගුණු බව වාර්තා විය. එහිදී වෙනත් තනතුරු සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ප‍්‍රතික්‍ෂේප වූ කීපදෙනෙකු ද කාරක සභික ධුර සඳහා පත්කර ගෙන ඇත්තේ නව සභාපතිවරයාගේ ද අනුමැතිය ලබා ගැනීමෙන් බව වාර්තාවේ.

එහෙත් එල්ලේ සම්මේලන ව්‍යවස්ථාවට අනුව වෙනත් තනතුරු සඳහා ඉදිරිපත්ව නාම යෝජනා  ප‍්‍රතික්‍ෂේප වූ අයට නැවත එම නිලවරණයේදීම වෙනත් තනතුරුවලට ඉදිරිපත් විය නොහැකිය.

නමුත් නිලවරණයේදී හිස්ව පැවති කාරක සභික ධුර හතරක් පිරවීමේදී එල්ලේ සම්මේලන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එම අවස්ථාවේ ඉදිරිපත් වූ අපේක්‍ෂකයන්ගේ ඉල්ලීම් සළකා බලමින් එම පිරවීම් කළ බව නිලවරණයට සහභාගි වූ කී‍්‍රඩා සමාජ නියෝජිතයන් පිරිසක් ”ලංකාදීප”යට පැවසූහ.

මේ අතර එල්ලේ සම්මේලනයේ මෙවර නිලවරණයේදී උද්ගත වූ කාරණා සැලකිල්ලට ගනිමින් පත්වූ සම්පූර්ණ නිලධාරි මණ්ඩලය විසුරුවා හරිමින් නැවත නිලවරණය කැඳවීම කෙරෙහි කී‍්‍රඩා අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි ද වාර්තාවේ.


●●●


අදහස් (0)

එල්ලේ විශේෂ මහා සභා රැස්වීමක් 27 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.