Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගාවලිය 11 දා සිට
ජාතික සුපිරි ලීගය - 2023

එක්දින තරගාවලිය 11 දා සිට

editorial - 2023 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජාතික සුපිරි ලීග් එක්දින තරගාවලිය මාර්තු මස 11 වැනිදා සිට ආරම්භ වේ. කණ්ඩායම් 5 ක් සහභාගි වන මෙම තරගාවලියේ එක දිනයකදී තරග දෙකක් පැවැත්වේ. තරගාවලියේ ආරම්භක තරග පල්ලෙකැළේ සහ දඹුල්ල ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ.

කොළඹ, දඹුල්ල, යාපනය, ගාල්ල සහ මහනුවර කණ්ඩායම් මෙම තරගාවලියේදී තරග වදිති. රංගිරි දඹුල්ල, පල්ලෙකැළේ, කොළඹ එස්.එස්.සී., පී. සරවනමුත්තු සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ වලදී මෙම තරග පැවැත්වේ.

මාර්තු 11 වැනිදා ආරම්භ වන මූලික වටයේ තරග අප්‍රේල් මස 03 වැනිදා අවසන් වේ.
අවසන් මහ තරගය, ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර අප්‍රේල් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගය දිවා/රාත්‍රී තරගයකි.

 


අදහස් (0)

එක්දින තරගාවලිය 11 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.