Last Update  :  2024-05-14 14:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචිය 8 දා සිට

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචිය 8 දා සිට

editorial - 2023 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 15 න් පහළ සහ 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා කණ්ඩායම් ලියාපදිංචි කිරීම මෙම මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පෙරවරු 9.30 ත්, පස්වරු 5.30 ත් ඇතුළත ස්ථාන 10 කදී පැවැත්වේ.

මෙම තරගාවලි දෙකම පළමු, දෙවැනි සහ තෙවැනි ලෙස කොටස් 3 ක් යටතේ පැවැත්වීමට නියමිතය.

තරගාවලිය පිළිබඳව වැඩි දුර තොරතුරු ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් (ලේකම් 070-5090054), මලික් කීර්ති (වයස 17 න් පහළ තරගාවලි ලේකම් 070-5090056), ඩී.එම්. රාජරත්න (වයස 15 න් පහළ තරගාවලි ලේකම් 070-5090057), සුරංග රණතුංග (වයස 15 න් පහළ තෙවැනි කොටසේ තරගාවලි ලේකම් 070-5090058) යන මහත්වරු ඇමතීමෙන් දැනගත හැකිය.


කණ්ඩායම් ලියාපදිංචි කෙරෙන ස්ථාන

මැයි 8 වැනිදා - මහනුවර ත්‍රිත්ව විදුහල
මැයි 9 වැනිදා - කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය
මැයි 10 වැනිදා - ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් කාර්යාලය (කොළඹ)
මැයි 11 වැනිදා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
මැයි 12 වැනිදා - රත්නපුර ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය
මැයි 12 වැනිදා - ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් කාර්යාලය (කොළඹ)
මැයි 13 වැනිදා - ඌව පළාත් ක්‍රිකට් සංගම් කාර්යාලය (බදුල්ල)
මැයි 13 වැනිදා - යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල
මැයි 13 වැනිදා - ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් කාර්යාලය (කොළඹ)
මැයි 14 වැනිදා - අනුරාධපුර මැදි විදුහල

-036

 


අදහස් (0)

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචිය 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.