Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරග හෙට සිට

23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරග හෙට සිට

editorial - 2023 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස 23 න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හෙට (18 වැනිදා) ආරම්භ වීමට නියමිතය. දෙදින තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග මාර්තු මස 13 වැනිදා දක්වා සෑම සති අන්තයකදීම පැවැත්වෙනු ඇත.

කණ්ඩායම් 22 ක් සහභාගි වන මෙම තරගාවලිය ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩවලට කණ්ඩායම් 6 බැගින්ද, ‘බී’ සහ ‘සී’ කාණ්ඩවලට කණ්ඩායම් 5 බැගින්ද ඇතුළත්ව සිටිති.

මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර මූලික වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ ශූරයාට එරෙහිව ‘ඩී’ කාණ්ඩයේ ශූරයා පළමු අවසන් පූර්ව තරගයේදීද, ‘බී’ කාණ්ඩයේ ශූරයාට එරෙහිව ‘සී’ කාණ්ඩයේ ශූරයා දෙවැනි අවසන් පූර්ව තරගයේදීද තරග බිමට පිවිසෙනු ඇත.

අවසන් පූර්ව තරග දෙක මාර්තු මස 15 සහ 16 යන දිනවල කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය මාර්තු මස 20 සහ 21 යන දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


‘ඒ’ කාණ්ඩය
ද්‍රවිඩ සංගම්, ඒස් කැපිටල්, ගුවන් හමුදා, නුගේගොඩ, එන්.සී.සී. සහ ගාල්ල කණ්ඩායම්

‘බී’ කාණ්ඩය
සෙබස්තියනයිට්ස්, කුරුණෑගල, යුද හමුදා, පානදුර සහ එස්.එස්.සී කණ්ඩායම්

‘සී’ කාණ්ඩය
කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඩ්, මූවර්ස්, හලාවත මේරියන්ස් සහ බී.අර්.සී. කණ්ඩායම්

‘ඩී’ කාණ්ඩය
මීගමුව, රාගම, බදුරලිය, පොලිසිය, සී.සී.සී. සහ මහනුවර රේගු කණ්ඩායම්

 


අදහස් (0)

23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.