අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මැදි විදුහල සහ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල අතර මත්තෙගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට හෝමාගම මැදි විදුහල සමත් විය.
එහිදී කන්නංගර විදුහලේ හෂාන් මධුෂංක ලකුණු 111 කට කඩුලු 8 ක්ද, හෝමාගම මැදි විදුහලේ සජිත් චතුරංග ලකුණු 07 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හෝමාගම මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 131
(අෂේන් ශානක 37, සජිත් චතුරංග 20, හෂාන් මධුෂංක 52/6)
සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 59
(සජිත් චතුරංග 07/5, චමිත් නවෝද්‍ය 14/4)
හෝමාගම මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26.1 කදී කඩුලු 8 ක් දැවී 100
(චමිත් නවෝද්‍ය 22, සී.කේ.ඒ. විභූති 16/4, හෂාන් මධුෂංක 59/2)
සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 6.1 කදී කඩුලු 2 ක් දැවී 10
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.