Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පෙරේදා (27 වැනිදා) පැවැති ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණයේදී සභාපති ධූරය සඳහා සුරාජ් දන්දෙණිය මහතා යළිත් නිතරගයෙන් පත්විය.
සභාපති ධූරය සඳහා ඉදිරිපත්වී සිටි සෙසු අපේක්ෂකයන් වූ මහාචාර්ය රංජිත් සිල්වා සහ උපාලි අනුරුද්ධ තෙන්නකෝන් යන මහත්වරු අවසන් මොහොතේ සිය නාමයෝජනා ඉල්ලා අස්කරගැනීම නිසා සභාපති ධූරයට සුරාජ් දන්දෙණිය මහතා නිතරගයෙන් පත්විය.
මෙවර නිලවරණයට ඉදිරිපත් වී සිටි සුරාජ් දන්දෙණිය මහතා, දෙවසරකට වැඩි කාලයක් (වසර 2013- සිට 2015 දක්වා) බැඞ්මින්ටන් සංගමයේ සභාපති ධූරයා දරා තිබූ බැවින් ඔහුගේ නාමයෝජනාවට විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල විය.
සභාපති තනතුර හෝ ලේකම් තනතුර නොකඩවා දෙවසරකට වැඩි කාලයක් දරා ඇති නිලධාරීන් එම තනතුර සඳහා නැවත ඉදිරිපත්වීමට අවම වශයෙන් එයින් පසු වසරක කාලයක් එම තනතුරු වලින් ඉවත්ව සිටිය යුතු බව බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාවේ 8 (ඞී) වගන්තියේ සඳහන් වේ.
කෙසේ වුවත් දන්දෙණිය මහතා කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නිලවරණයට ඉදිරිපත් වීම නිසා මහාචාර්ය රංජිත් සිල්වා මහතා ඇතුළු එම පාර්ශවයේ අපේක්ෂකයන් සියලූ දෙනා සිය නාමයෝජනා ඉල්ලා අස්කරගැනීමට කටයුතු කළහ. එහිදී ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තරතුරු සඳහාද නිලධාරීහු නිතරගයෙන් පත්වූහ.
සම්මේලනයේ උප සභාපති ධූර 6 සඳහා අපේක්ෂකයන් 12 දෙනෙක් තරග වැදුණ අතර ඉන් වැඩිම ඡුන්ද ලබාගත් උපාලි අනුරුද්ධ තෙන්නකෝන් (28), දිවාකර රත්නදොරේ (28), ලක්ෂ්මී පුංචිහේවා (27), ප‍්‍රසාද් ජයතිලක (25), රවින්ද්‍ර ප‍්‍රසාද් (14) යන මහත්ම මහත්මීහු ඒ සඳහා තේරී පත්වූහ.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණය බැඞ්මින්ටන් ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය අත්හිටුවන ලෙස එම සංගමයට අනුබද්ධ කී‍්‍රඩා සංගම් 6 ක් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතාට ලිපි යොමුකර තිබියදීත් නිලවරණය පැවැත්වීමට කී‍්‍රඩා අමාත්‍යංශය කටයුතු කළේය.
වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය, බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය, නැගෙනහිර පළාත් බැඞ්මින්ටන් සංගමය, දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය, උතුරු පළාත් බැඞ්මින්ටන් සංගමය සහ රාජ්‍ය සේවා බැඞ්මින්ටන් සංගමය එලෙස නිලවරණය පැවැත්වීමට විරෝධය පළකර සිටි කී‍්‍රඩා සංගම් 6 යි.
බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය රංජිත් ද සිල්වා, වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි සභාපති නිරෝධ ද කොස්තා, නැගෙනහිර පළාත් බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් අලියර් ෆයසිර්, දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් බුද්ධික ද සිල්වා, උතුරු පළාත් බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් සී. ජේ. මුරලිදරන්, රාජ්‍ය සේවා බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් ලූවී කරුණාරත්න යන මහක්වරු කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත එවනු ලැබූ එම විරෝධතා ලිපිවලට අත්සන් තබා තිබුණි.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය (2015-2017)
සභාපති - සුරාජ් දන්දෙණිය මහතා
ලේකම් - අමල් ඩයස් මහතා
උප සභාපතිවරු - උපාලි අනුරුද්ධ තෙන්නකෝන්, දිවාකර රත්නදොරේ, ලක්ෂ්මී පුංචිහේවා, ප‍්‍රසාද් ජයතිලක සහ රවින්ද්‍ර ප‍්‍රසාද් යන මහත්ම මහත්මීන්
උප ලේකම් - ජයමිණි ඉලේපෙරුම මහත්මිය
භාණ්ඩාගාරික - රුවන් පී‍්‍රති ගාල්ලගේ මහතා
උප භාණ්ඩාගාරික - සදීප් ගිම්හාන රත්නායක මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.