ශ්‍රී ලංකා ජල කී‍්‍රඩා සංගමයේ සංවිධානයෙන් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති ජාතික වයස් කාණ්ඩ සහය පිහිනුම් තරගාවලියේදී නව තරග වාර්තා 2 ක් පිහිටුවීමට නුගේගොඩ ලයිසියම් විදුහල් වයස 11 න් පහළ කණ්ඩායම සමත් විය.
මිශ‍්‍ර සහය පිහිනුම් තරගය විනාඩි 2:41.60 කටද, නිදහස් ආර සහය පිහිනුම් තරගය විනාඩි 2:20.96 කටද, අවසන් කරමින් ඔවුහු නව තරග වාර්තා දෙක පිහිටවූහ.
කි‍්‍රස් පවිත‍්‍ර, ජනිදු ගඟහගෙදර, ආකාෂ් සරවනකුමාර් සහ අනුජය අබේගුණසේකර යන කී‍්‍රඩකයෝ ලයිසියම් විදුහල් වයස 11 න් පහළ සහය පිහිනුම් කණ්ඩායම නියෝජනය කළහ.
මිශ‍්‍ර සහය පිහිනුම් තරගයේ පැරණි වාර්තාව විනාඩි 2:48.73 ක් ලෙසද, නිදහස් ආර සහය පිහිනුම් තරගයේ පැරණි වාර්තාව විනාඩි 2:26.54 ක් ලෙසද සටහන් වී තිබිණි.
ඡායාරූපය -
(ඉදිරි පෙළ වමේ සිට) අනුජය අබේගුණසේකර, ජනිදු ගඟහගෙදර, කි‍්‍රස් පවිත‍්‍ර, ආකාෂ් සරවනකුමාර්
(පසු පෙළ වමේ සිට) නෙළුම් පි‍්‍රයදර්ෂණී (පිහිනුම් භාර ආචාර්ය), වෙනුරි හෙට්ටිආරච්චි (විදුහල්පති), නිකිත ගේ‍්‍රරු (අධ්‍යක්ෂ), නිෂාන්ත පෙරේරා (සහය කී‍්‍රඩා අධ්‍යක්ෂ සහ පිහිනුම් පුහුණුකරු)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.