Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවිඳු - අසිත මහානාමය දිනවති

රවිඳු - අසිත මහානාමය දිනවති

Dilrukshi - 2015 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රවිඳු ෂාන් සල්ගාදු ලබාගත් ද්විත්ව ශතකයත් අසිත ජයලත්ගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා වයස 15 න් පහළ II වැනි කොටසේ තරගයකදී ලකුණු 200 ක දැවැන්ත ජයක් ලබාගැනීමට පානදුර මහානාම විද්‍යාලය සමත් විය. පළමු වටයේ තරග 5 කට සහභාගි වී ඒවායින් තරග 4 ක් ජයගත් පානදුර මහානාම විද්‍යාලය දෙවැනි වටයේ තරග 3 කට සහභාගි වී තරග තුනම ජයගෙන තිබේ.


පානදුර මහජන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එය  ඕවර 42 තරගයක් ලෙස පැවැත්විණ.  ඕවර සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයකට පිළිපන් රවිඳු ෂාන් පන්දු 141 කදී ලකුණු 206 ක් ලබාගත්තේ හතරේ පහර 30 කින් සහ හයේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කරමිනි. මහනාම පිලේ නායක ටිෂාන් අවිශ්ක පන්දු 27 කදී ලබාගත් ලකුණු 49 ට හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.


දකුණතින් පිට දඟ පන්දු යවන අසිත ජයලත්  ඕවර 7.4 ක් යවමින් ලකුණු 40 කට කඩුලූ 6 ක් දවාගත්තේය.

පානදුර මහානාම විදුහල  ඕවර 42 කදී කඩුලූ 3 ට 344

(රවිඳු ශාන් සල්ගාදු නොදැවී 206, පුබුදු රෙෂාන් 53, ටිෂාන් අවිශ්ක නොදැවී 49)

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය  ඕවර 30.4 කදී සියලූ දෙනා දැවී 144

(උදේෂ් චතුරංග 31, කවිශ්ක ගිම්හාන් 24, අසිත ජයලත් 40/6)

 


අදහස් (0)

රවිඳු - අසිත මහානාමය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.