ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සභාපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල අතර සී. ආර්. පිටියේදී අද (29) පැවැති තරගයෙන් ශාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 17-5 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශාන්ත තෝමස් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ජයග‍්‍රාහි ශාන්ත තෝමස් විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.