Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධුෂානිගෙන් රන් පදක්කම් දෙකක්

මධුෂානිගෙන් රන් පදක්කම් දෙකක්

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බැංකොක් නුවරදී  පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මිකා මධුෂානී හේරත් තුන් පිම්ම හා දුර පැනීම යන (කාන්තා) ඉසව් දෙකකින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.ඒ මීටර 6.37 කට දුර පැනීම ඉසව්වෙන් හා තුන් පිම්ම ඉසව් වෙන් මීටර 13.58 ක දක්ෂතාවයන් දක්වමිනි.එහිදී නෙත්මිකාගේ  දුර පැනීම ඉසව්වේ එතෙක් හොදම දක්ෂතාවය ලෙසත් එය වාර්තාවීම කැපී පෙණුනි.

ශ්‍රී ලංකා ක්‍රීඩක වී.වක්ෂාන් සමග තියුණු තරග නිමාවකට ළඟාවෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩක රුසිරු චතුරංග මීටර 1500 (පිරිමි) ඉසව්වෙන් තරගාවලියේදී රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 3 තත්පර 53.30 ක කාලයකිනි.ඉතා තියුණු තරගයකින් පසුව වක්ෂාන් විනාඩි 3 තත්පර 54.72 කට එහි රිදී පදක්කම ලැබීය.

මේ අතර ශ්‍රී ලංකා මීටර 100 - කඩුලු ක්‍රීඩිකා වත්සලා කුමාරී හපුආරච්චි තත්පර 14.27 කට ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ඊයේ දිනයේදීය.එහි රන් පදක්කම දිනා ගත්තේ තායිලන්ත ක්‍රීඩිකා අරීෂා විරුවන්රක් (තත්පර 14.20) විසිනි.

පෙරේදා (22) දිනයේදී ශ්‍රී ලංකා පළපුරුදු ක්‍රීඩිකා නිමාලි ලියනාආරච්ච් මීටර 1500 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත්තාය.ඒ විනාඩි 4 තත්පර 32.39 කටය.ඇය ජාත්‍යන්තර තරගයකට සහභාගි වූයේ වසර හතරකට පසුවය. එහි රන් පදක්කම විනාඩි 4 තත්පර 30.74 කට නිමාලි අභිබවමින් දිනා ගත්තේ වියට්නාම ක්‍රීඩිකා ලින් කාහා විසිනි.

කෙසේවූවත් මීටර 100 (කාන්තා) ඉසව්වේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමාෂා ද සිල්වාට ඊයේ අවසන් තරගයේදී හිමි වූයේ සිවු වැනි තැනයි. ඒ තත්පර 12.05 කටය.මලයාසියානු ක්‍රීඩිකා නූර් අයිෂා රොෆිනා එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11.92 කටය.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකු සහභාගිවී සිටින මෙම තරගාවලිය හෙට (25) නිමාවට පත්වේ.


අදහස් (0)

මධුෂානිගෙන් රන් පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.