මින් ඉදිරියට පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රීඩා වෛද්‍ය සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය දන්වයි.
මැරතන්, ගම හරහා දිවීම, පාපැදි ධාවන තරග, මීටර් 1500 ට වැඩි, දුර දිවීම ඉසව්, මීටර 400 ට වැඩි ඉසව්, පිහිනුම් තරග, රග්බි, පාපන්දු, කදු නැගීම, ශිෂ්‍ය භට සටන් කලාව සහ බොක්සිං යන ඉසව් සදහා සහභාගිවන පාසල් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් අනිවාර්යයෙන් වෛද්‍ය සහතිකය ලබාගත යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ක‍්‍රීඩා වෛද්‍ය සහතික නිකුත් කිරීම සදහා බලය හිමි රජයේ වෛද්‍යවරුන් 1000 ක් පුහුණුවීම් ලබා ඇති අතර පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ස`දහා නොමිලේ වෛද්‍ය සහතික නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය එක්ව මෙම තීරණය ගෙන තිබේ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.