ආසියානු ක්‍රිකට් සමුඵව මෙහෙයවන 14 වැනි ‘යුනිමොනි’ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිවුදෙනාගේ වටයේ හයවැනි සහ අවසන් තරගය ලෙස පාකිස්තානය සහ බංග්ලාදේශය අතර අබුඩාබිහි ශීක් ශයිඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 26 වැනිදා පැවැත්වෙන තරගය අවසන් පූර්ව තරගයක් බවට පත්ව තිබේ. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
ඉන්දියාව මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.
ඉන්දියාව සුපිරි සිවුදෙනාගේ වටයේ සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන තිබේ.
පාකිස්තානය දෙවැනි තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වීමත් බංග්ලාදේශය දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කිරීමත් සමග එම කණ්ඩායම් දෙක තරගය බැගින් ජය ලබා ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටියි.
පාකිස්තානය ශුද්ධ ලකුණු වේගය -0.556 ක් පවත්වමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන අතර බංග්ලාදේශය ශුද්ධ ලකුණු වේගය -0.645 ක් පවත්වමින් තෙවැනි ස්ථානයේ සිටියි.
මෙම තරගය කිසියම් හේතුවක් මත පැවැත්වීමට නොහැකි වුවහොත් ශුද්ධ ලකුණු වේගය අනුව පාකිස්තානය අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. නමුත් වර්ෂාව වැනි තත්ත්වයක් නම් කෙසේවත් බලාපොරොත්තු විය නොහැක.
ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර සුපිරි සිවුදෙනාගේ වටයේ පස්වැනි තරගය හෙට (25) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඇෆ්ගනිස්තානය එම තරගයෙන් ජය ලැබුව ද අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාවක් නැත.
ඉන්දියාව මේ දක්වා තරගාවලියේ අපරාජිතව සිටින අතර මෙම තරගය ජය ලැබුවහොත් සහභාගි වූ තරග පහම ජය ලබා අවසන් මහා තරගයට පිවිසෙයි.
අවසන් මහ තරගය ඩුබායිහිදී ලබන 28 වැනිදා පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.