Last Update  :  2025-07-07 10:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාශෝකය ලකුණු 245 කින් ජයගනී

ධර්මාශෝකය ලකුණු 245 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර බලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 245 ක පහසු ජයක් අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 341 ක ඉලක්කයක් හඹාගිය බණ්ඩාරනායක විදුහලට  ඕවර 26 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 86 ක් පමණි.

එහිදී ධර්මාශෝක විදුහලේ දිනුක දිල්ෂාන් පන්දු 92 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 120 ක් රැස්කළ අතර රවිඳු ද සිල්වා පන්දු 72 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 111 ක් රැස්කළේය.


ධර්මාශෝක විදුහල -  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 340
(දිනුක දිල්ෂාන් නොදැවී 120, රවිඳු ද සිල්වා 111, සේන දේෂායි 29, චමිඳු දිල්ෂාන් 21, කවිඳු නදීෂාන් 20, ෂෙහාන් චන්ද්‍රසිරි 45/4, මාධව කරුණාරත්න 34/2)

බණ්ඩාරනායක විදුහල -  ඕවර 26 කදී සියලූ දෙනා දැවී 86
(මාධව කරුණාරත්න 32, හසිත පතිරණගේ 15, කවිඳු නදීෂාන් 23/4, රවිඳු ද සිල්වා 7/2, හසංක කන්නංගර 25/2)

 

 

- 036


අදහස් (0)

ධර්මාශෝකය ලකුණු 245 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.