Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් පිල අවසන් තරගයට

දකුණු පළාත් පිල අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ‘ප‍්‍රිමා‘ කුසලාන අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු පළාත් කණ්ඩායම ඊයේ (28 වැනිදා* සමත් විය.


කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති පූර්ව තරගයකදී බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම කඩුලූ 7 කින් පරාජය කරමින් ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.


අවසන් පූර්ව තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හඹාගිය දකුණු පළාත් කණ්ඩායම  ඕවර 20.5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර රවිඳු රශාන්ත ලකුණු 45 ක් රැුස්කරමින් දකුණු පළාත් කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.


දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිලූම් සුදීර ලකුණු 15 කට කඩුලූ 4 ක් දවාගනිමින් සහ නිපුන් මාලිංග ලකුණු 18 කට කඩුලූ 3 ක් දවාගනිමින් බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම ලකුණු 93 කට සීමා කළහ.


බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම -  ඕවර 33 කදී සියලූ දෙනා දැවී 93
(නවෝද් පීරිස් නොදැවී 28, දිලූම් සුදීර 15/4, නිපුන් මාලිංග 18/3, අකිල දිල්ෂාන් 28/2)


දකුණු පළාත් කණ්ඩායම -  ඕවර 20.5 කදී කඩුලූ 3 ක් දැවී 94
(රවිඳු රශාන්ත 45)

 

-036

 


අදහස් (0)

දකුණු පළාත් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.