Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තටාකය අබියසදී බෝලිංට උපන්දින සුබපැතුම්

තටාකය අබියසදී බෝලිංට උපන්දින සුබපැතුම්

ශනුක අරවින්ද - 2015 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ පිහිනුම් කී‍්‍රඩකයකු වන ජූලියන් බෝලිං මහතා වෙනුවෙන් කෙටි උපන්දින සාදයක් පැවැත්වීමට තරග සංවිධායකයෝ කටයුතු කළහ.

බෝලිං මහතාගේ 40 වැනි උපන්දිනය මෙම තරගාවලිය අතරතුර යෙදී තිබීම නිසා ඔහු වෙනුවෙන් මෙම පුදුමකරවන ආකාරයේ කෙටි උපන්දින සාදය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණ.

බෝලින් මහතා පුහුණුකරුවෙකු මෙන්ම තරග නරඹන්නකු ලෙස එදින තරගාවලියට එක්ව සිටි අතර එකවරම පිහිනුම් තටාකය පුරා උපන්දින සුබපැතුම් ගීතයක් වාදනය වීම ආරම්භ විය.

ඒ සමගම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් උපන්දින කේක් එකක් ගෙනවිත් මේසයක් මත තබා එය කපන ලෙසට ඔහුට ආරාධනා කර සිටි අතර ඔහු කේක් කපන අවස්ථාවේදී පිහිනුම් තටාකය අවට සිටි සියලූ දෙනා සිය අසුන් වලින් නැගිට ඔහුට සුබපැතූහ.

ශ්‍රී ලංකාවේ පිහිනුම් කී‍්‍රඩාව ජාත්‍යන්තරයට ගෙනගිය, ඉතිහාසය පුරාම කතාබහට ලක්වන කී‍්‍රඩකයකු වන ජූලියන් බෝලින් මහතා 1987 ඉස්ලාමාබාද් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ සිට 1991 වසරේ ශී‍්‍ර ලංකවේදී පැවැති දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලෙල දක්වා රන් පදක්කම් 13 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට සමත් විය. 1991 කොළඹදී පැවැති දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී පමණක් ඔහු දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 6 කි.

මේ වන විට ඔහු ප‍්‍රධාන පෙළේ පිහිනුම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසකගේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන අතර ‘රේන්බෝ’ නමින් පිහිනුම් කී‍්‍රඩා සමාජයක්ද පවත්වාගෙන යයි.

ඡායාරූප - ඉෂංක සුනිමල්

 


අදහස් (0)

තටාකය අබියසදී බෝලිංට උපන්දින සුබපැතුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.