විවිධ හේතු සහ මතවාද නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ඇතිකරගත යුතු- වාර්ෂික ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රමාද කරමින් කටයුතු කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයෝ ඊයේ (22 වැනිදා) සවස් වන විට වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමට සූදානම්ව සිටි බව වාර්තා විය.
ලෝක කුසලාන තරග සඳහා සහභාගිවීමේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට හිමිවන මුදලින් තමන්ට හිමිවිය යුතු කොටස සම්බන්ධයෙන් කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් සමග දිගින් දිගටම වාද කරමින් සිටියහ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රතිපත්ති වලට විරෝධය පෑමක් වශයෙන් ඊයේ පැවැති පුහුණුවීම් වලදී නිල පුහුණු ඇඳුමින් සැරසී පුහුණුවීම් කරනු වෙනුවට කී‍්‍රඩකයෝ තම තමන්ගේ ඇඳුම් වලින් සැරසී පුහුණුවීම් කළහ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් පවසන්නේ තමන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් කී‍්‍රඩකයන්ට පහදා දී ඇති නමුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආදායමෙන් 60% ක් 70% ක් කී‍්‍රඩකයන් 15 දෙනකු අතරේ බෙදාදිය නොහැකි බවයි.
”ඉහළම තලයේ සිටින කී‍්‍රඩකයන්ට අපි සෑහෙන ගෙවීමක් කරනවා. ඒත් අනෙක් සියලූ දේම කඩාවැටිමකින් තොරව කි‍්‍රයාත්මක විය යුතු බවත්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආදායම ලෝකයේ වෙනත් රටවල ආදායමට සාපේක්‍ෂව අඩු බවත් ඔවුන් තේරුම් ගන්න ඕනෑ” යයිද එම නිලධාරියා පැවසීය.
වඩාත් උසස් මට්ටමේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වන කී‍්‍රඩකයෝ 55 ත් 65 ත් අතර සංඛ්‍යාවක් තමන්ගේ වෘත්තීය මට්ටම තහවුරු කරගැනීම සඳහා වාර්ෂිකව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කරති.
මෙම කී‍්‍රඩකයන් තෝරාගනු ලබන්නේත් ඔවුන් ඒ ඒ කාණ්ඩ වලට වෙන්කරනු ලබන්නේත් ජාතික තේරීම් කමිටුව විසිනි. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටු නිලධාරීහු ඊයේ සවස වන විටත් තේරීම් කටයුතු කරමින් සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.